මහජන ආරක්ෂක ඇමති තුමා වැඩබාර ගනිමින් පැවසූ දේ….

mhajana web 1

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජයපාල 19 වනදා බත්තරමුල්ල, සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී වැඩ ආරම්භ කර ඇත. එම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අධිකරණ ඇමති නීතීඥ හර්ෂණ නානායක්කාර ඇතුළු පිරිසක් එක් වී සිට ඇත.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජයපාල සඳහන් කර සිටියේ, විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනීකරණයෙන් තොර මහජන සේවයක් බවට පත් කිරීමේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අභිලාෂයට ගැලපෙන පරිදි ශ්‍රී ලංකා පොලිසිය තවදුරටත් දියුණු කිරීමටත්, ශ්‍රී ලංකා පොලිසියට තම රාජකාරී ස්වාධීනව කරගෙන යාමට අවශ්‍ය වටපිටාව සකස් කිරීමටත්, ජනාධිපතිගේ වැඩපිළිවෙළට සහය දීමටත් තමා බලාපොරොත්තු වන බවය. ජනවරමින් බලාපොරොත්තු වූ පරිදි අල්ලස, දූෂණ, වංචා මැඩලීම, මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඬලීමට කැපවන බවද ,මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින ආයතන කෙරෙහි මහ ජනතාවගේ හොඳ හිත වර්ධනය කර සියලු ආයතන මගින් ජනතා හිත මිතුරු සේවාවක් ලබාදීමට කටයුතු කරන බවටද ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *