ලෝක කැරම් ශූරතා තරගාවලියට ගිය ක්‍රීඩක ක්‍රිඩිකාවන් දිවයිනට…..

WhatsApp Image 2024 11 24 at 11.59.33

ඇමෙරිකාවේ පැවති 06 වන ලෝක කැරම් ශූරතා තරගාවලියේ දී , අනුශූරතාව දිනා ගෙන රිදී පදක්කම් දිනා ගත් ශ්‍රී ලංකා කැරම් පිරිමි සහ කාන්තා කණ්ඩායම් ඊයේ (23) දින රාත්‍රීයේදී දිවයිනට පැමිණ තිබෙනවා.

මෙම තරගාවලිය ඇමෙරිකාවේ සෙන්ට් ප්‍රැන්සිස්කෝ ප්‍රාන්තයේ කැලිෆෝනියාවේ දී පසුගිය 10 වනදා සිට 18 වනදා දින දක්වා ලෝකයේ රටවල් 18 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස ඊයේ රාත්‍රී 06.25 ට චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඇමෙරිකාවේ පැවති 06 වන ලෝක කැරම් ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකා කැරම් කණ්ඩායමේ ෂයිඩ් හිල්මි සහ අනාස් අහමඩ් මෙන්ම හිරුෂි මල්ෂානි සහ තරුෂි හිමහංසිකා මෙම තරගාවලියේ දී කාන්තා සහ පිරිමි යුගළ තරග වලදී තුන් වන ස්ථානය හිමි කර ගෙන ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වීය.

ඉකුත් 2010 වසරේ සිට තම ශ්‍රී ලංකා කැරම් කණ්ඩායමට ජාතික පුහුණුකරුවෙකු නොමැති බවත් , එනිසා ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම මහත් අසීරුතා වලට මුහුණ දී ඇති බවත් , ශ්‍රී ලංකා කැරම් කණ්ඩායමේ නායිකා යොෂිටා ජෝශප් , කටුනායක ගුවන් තොටුපොළේ දී මාධ්‍ය හමුවේ අනාවරණය කර සිටියා.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස පිළිගැනීම සදහා ඔවුන්ගේ නෑදෑ හිතවතුන් ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ නිලධාරීන් , ශ්‍රී ලංකා ගුවන් හමුදා සහ නාවික හමුදා නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *