යාපනයේ මී උණ රෝගීන්ගේ සංඛ්‍යාව ඉතා සීඝ්‍රයෙන් ඉහළට….

අද (17) උදෑසන වන විට යාපනයේ මී උණ රෝගීන්ගේ සංඛ්‍යාව ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර යලි ආරම්භ වූ වර්ෂාව මෙයට හේතුව බව වාර්තා වේ.

මීට පෙර යාපනයේ පේදුරුතුඩුව මන්තිහෙයි විශේෂ ප්‍රතිකාර ඒකකයේ හා යාපනය ඒකකයේ රෝගීන් 17 දෙනෙකු පමණක් සිටිය නමුත් එම සංඛ්‍යාව මේවන විට 89ක් දක්වා ඉහළ ගොස් ඇති බවටද වාර්තා වේ.

මේ ආකාරයට රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත්තේ දින තුනක් වැනි කෙටි කාලයකදීයි.

මේවන විට මී උණ හේතුවෙන් යාපනය ශීක්ෂණ රෝහලේදී රෝගීන් 7 දෙනෙකු සහ මුලතිව් රෝහලේදී එක් රෝගියෙකු මිය ගොස් ඇත.

යාපනයේ මී උණ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ගොවීන්ට සහ ධීවර කර්මාන්තයේ යෙදෙන්නන්ට එන්නත් ලබාදීම සිදුකෙරෙන අතර, දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය සභාවල සේවය කරන සනීපාරක්ෂක සේවකයන්ට ද ප්‍රතිජීවක ඖෂධ ලබා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *