රජය මගින් ආනයනය කෙරෙන පළමු සහල් තොගය මෙරටට…

රජය මගින් ආනයනය කෙරෙන පළමු සහල් තොගය ඊයේ (16) රාත්‍රියේ මෙරටට රැගෙනවිත් ඇති බව වාර්තා වේ.

සහල් අර්බුදයට කඩිනම් විසඳුමක් ලෙස රජය මෙම පියවර ගනු ලැබු අතර තවත් සහල් මෙට්‍රික් ටොන් 70000ක් මෙරටට රැගෙන ඒමට නියමිතයි.

සතොස සහ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් සහල් තොග ආනයනය කිරීමට අවසර හිමිවී ඇති අතර පළමු සහල් තොගය ඊයේ (16) රාත්‍රියේ මෙරටට රැගෙනවිත් ඇති බව සදහන් වේ.
මීට අමතරව පෞද්ගලික ආනයනකරුවන් මගින් ද සහල් ආනයනය කිරීමට මේ වන විටත් පියවර ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *