රජයේ ආයතන 14 ක ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, නෝට්ටු භාවිතයෙන් සිදු කරන ගනුදෙනු සඳහා වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් 1ත් 1.5 % ක් පමණ වැය වන බවයි. එසේම නෝට්ටු මගීන් ගෙවීම් කිරීමේදී වංචා හා දූෂණ ඉහළ යාමට මෙන්ම ගෙවීම්වල කාර්යක්ෂමතාවයේද ගැටලු රැසක් ඇතිවන බව ඔහු පෙන්වා දෙයි.
ඒ අනුව රාජ්‍ය ආයතනවලට සිදු කරන සියලු ගෙවීම් ඩිජිටල්කරණයට සැලසුම් කර ඇති බවත්, GOVPAY (ගවුපේ) යෙදවුම හරහා ඒ සඳහා පහසුකම් සලසා ඇති අතර ඊට රාජ්‍ය ආයතන 16 ක් මේ වනවිට සම්බන්ධ වී ඇති බවත් වැඩිදුටරටත් ප්‍රකාශ කළේ ය.
ජනවාරි මාසයේදී අනෙකුත් රාජ්‍ය ආයතනද එම යෙදවුම හා සම්බන්ධ කිරීමට නියමිත අතර ඒ අනුව රජයට කරන සියලු ගෙවීම් ඩිජිටල්කරණය කිරීමෙන් කාර්යක්ෂමතාව ඉහළ නැංවෙන බවයි.
මීට අමතරව මිනිස් ශ්‍රමය අවම වීම, අක්‍රමිකතා හා දූෂණ ක්‍රියා තුරන්ව යාම මෙන්ම ජනතාවට වඩාත් පහසු සේවාවක් සලසා ගැනීමටද ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනයෙන් හැකියාව ලැබෙන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
GovPay ව්‍යාපෘතියට සම්බන්ධ පාර්ශවකරුවන්/හවුල්කරුවන්ට තාක්ෂණ අමාත්‍යාංශය, ICTA, LankaPay Private Limited, ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු සහ විවිධ රාජ්‍ය සංවිධාන ඇතුළත් වේ.


