පලාගල බමුණුගම ප්‍රදේශයේ ගොවීන් දෙදෙනෙක් අතර ආරවුලක් .…..…….

fight web

පලාගල බමුණුගම ප්‍රදේශයේ පදිංචි ගොවීන් දෙදෙනෙක් කුඹුරේ පැල් රකිමින් සිටියදි බහින් බස්වීම දුරදිග යාමෙන් එයින් එක් ගොවියෙක් තම මිතුරන් වූ පස් දෙනෙකුගෙන් යුත් මැර කණ්ඩායමක් ගෙන්වා අනික් ගොවියාට පහරදී එම ගොවියාගේ යතුරු පැදිය, විදුලි පන්දම් ඇතුලු දේපලවලට පහරදී හානිකර ඇති බව වාර්තා වේ.

බරපතළ පහර කෑමට ලක්ව ඇති ගොවියා එම ප්‍රහාරය අතරතුර ඔවුන්ගෙන් මිදී පලාගොස් කැලෑවක සැඟව සිය දිවි බේරා ගෙන ඇති අතර පසුව සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිස් ස්ථානයට පැමිණීලි කර ඇති අතර පොලීසිය වැඩි දුර පරීක්ෂණය පවත්වා,පහර දීමට සම්බන්ධ ප්‍රධාන සැකකාර ගොවියා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.ගොවියන් දෙදෙනා එක්ව කරවිලගල ප්‍රදේශයේ අක්කර 04ක පමණ කුඹුරක් වගා කර සිටියදි ඔවුන් අතර සිදු වූ බහින් බස් වීම මෙම ආරවුලට හේතු වී ඇති බවත් වාර්තා වේ.

පහර කෑමට ලක්වූ එම ගොවියාගේ තත්ත්වය තරමක් බරපතළ බවත්, ආඬියාගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මේ වනවිට දඹුල්ල රෝහලවෙත මාරු කර යවා ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසා ඇත.මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ 50 හැවිරිදි වියෙහි පසුවන තිදරු පියෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *