උතුරුමැද පළාත් පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයෙකු සහ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිනියක් අනුරාධපුර අවන්තිදේවී කාන්තා ළමා නිවාසයේ දැරියන්ට කෘෘරත්වයෙන් සැලකීම සම්බන්ධයෙන් අද අත්අඩංගුවට.
එම ළමා නිවාසය තුළ නේවාසික දැරියන්ට සිදු වූ අකටයුතුකම් පිළිබඳව 2021 දී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව අනුරාධපුර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර
එම විමර්ශනයේදී අනාවරණ වී තිබුණේ ළමා නිවාසයේ රඳවා සිටි වයස අවුරුදු 17ක දැරියක අරක්කැමි සේවයේ යොදවා කෘෘරත්වයට පත්කර ඇති බවය.
එම නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති අතර ඒ අනුව එම සැකකාර හිටපු කොමසාරිස්වරයා සහ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිනිය අද පෙරවරුවේ අනුරාධපුර පොලිස් ස්ථානයට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් අද පස්වරුවේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අධිකරණය නියම කර ඇති අතර ඔවුන් දෙදෙනාට විදෙස් ගමන් තහනමක් පන්වා තිබේ.
නඩුව සැප්තැම්බර් මස 08 වැනිදා යළි කැඳවීමට නියමිත බව වාර්තා වේ.


