හිටපු කථානායකවරයාගේ වාහන හා ඉන්ධන වියදම් අනාවරණය .…..…….

thel Web

පසුගිය රජයේ හිටපු කථානායකවරයා 2024 මුල් මාස 9 තුළ වාහන 9 ක් භාවිත කර ඇති බවත් ඒ සඳහා ඉන්ධන වියදම ලෙස රුපියල් ලක්‍ෂ 334ක් වැය කර ඇති බවත් සභානායක ඇමැති බිමල් රත්නායක මහතා ඊයේ (27දා) පාර්ලිමේන්තුවේදී පවසා ඇත.
මේ අනුව මසකට රුපියල් ලක්‍ෂ 40කට ආසන්න වියදමක් ඉන්ධන සඳහා දරා ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

හිටපු නියෝජ්‍ය කථානායකවරයා එම කාලය තුළ වාහන 6ක් භාවිතා කර ඇති බවත් ඒ සඳහා ඉන්ධන වියදම ලෙස රුපියල් ලක්‍ෂ 135ක් දරා ඇති බවත් මෙහිදී වාර්තා කර ඇති අතර මෙයට අමතරව හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා එම කාලය තුළ වාහන 4ක් භාවිත කර ඉන්ධන සඳහා රුපියල් ලක්‍ෂ 72ක් වැය කර ඇති බව විගණන වාර්තා පෙන්වා දෙන බව හෙතෙම පවසා ඇත.

කථානායක නිල නිවසේ 70ක කාර්ය මණ්ඩලයක් නඩත්තු කර ඇති බවත් එහි 2024 ආහාර වියදම රුපියල් ලක්‍ෂ 32ක් බවත් ඇමැතිවරයා සදහන් කර ඇත.
වත්මන් කථානායකවරයාගේ ජනවාරි මස තෙල් වියදම රුපියල් 2,18,000ක් වන අතර නියෝජ්‍ය කථානාකගේ තෙල් වියදම රුපියල් 23,000ක් බවත් වාර්තා වේ. මේ අතර කථානායකවරයා නිල නිවස භාවිත නොකරන බවත් මේ නිසා ජනතා බදු මුදල් ඉතිරි කිරිමට කථානායක ඇතුළු පිරිස පියවර ගෙන ඇති බවත් සභානායකවරයා මෙහිදී සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *