සොරකම් කළ ලොරි රථයකට කඩුවෙලදී පොලිසියෙන් වෙඩි…

kaduwela web

නොරොච්චෝලේ සිට සුපිරි වෙළෙඳසැලක් සඳහා එළවළු පටවාගෙන යන අතරතුර, වත්තල ප්‍රදේශයේ තේ කඩයක් අසල නවත්වා රියදුරු තේ බීමට ගිය අවස්ථාවේදී අදාළ ලොරි රථය අත්අඩංගුවට ගත් සැකකරු විසින් සොරකම් කර ඇත.

පසුව රියදුරු ත්‍රීරෝද රථයකින් ලොරිය පිටුපස හඹා ගියද, අල්ලා ගැනීමට නොහැකි වූ බැවින් පොලීසියට පැමිණිලි කර ඇති අතර එම ලොරියේ GPS ක්‍රියාවලිය ගැන පොලීසිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව වැල්ලම්පිටිය සහ කඩුවෙල ප්‍රදේශයන් වලදී පොලිස් අණ නොතකා මෙම ලොරි රථය ධාවනය කර ඇත.

ඉන් අනතුරුව පොලිස් ක්ෂණික විහිදුම් යතුරු පැදි කණ්ඩායම් මගින් අදාල ලොරි රථය ලුහුබැඳ ඇති බවත් කඩුවෙල අධිකරණය ආසන්නයේදී ලොරි රථයේ රෝදවලට පොලිසිය වෙඩිතබා ඇත.

වයස අවුරුදු 25ක සැකකරුවෙක් අත් අඩංගුවට ගත් බවත් ඔහු සන්තකයේ තිබී මෙරට නිශ්පාදිත අත් බෝම්බයක් සොයාගැනීමටත් පොලීසිය සමත්ව ඇති බවත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *