කාළගුණය හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානය වසා දැමේ……

yala web

නැවත දැනුම්දෙනතුරු නරඹන්නන් සඳහා, පසුගිය දින දෙක තුළ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් යාල යාල ජාතික වනෝද්‍යානය වසා දැමේ.

වනෝද්‍යානයේ මාර්ග බොහොමයක් ජලයෙන් යටවී ඇති බවත්, වනෝද්‍යානය තුළ ඇති වැව් ඉවුරු කිහිපයක් කඩාගෙන ගොස් ඇති බවත් යාල වනෝද්‍යානයේ පිවිසුම් මාර්ගයේ නිමලව ප්‍රදේශයේ මාර්ග කිහිපයක් මේ වනවිට ගංවතුරෙන් යට වී ඇති බවත් යාල කලාප අංක 1ට අදාළ කටගමුව හා පලටුපාන පිවිසුම් දොරටු වසාදමා ඇති බවත් දන්වා ඇත.

මේ හේතුවෙන් වන සතුන්ගේ ආරක්ෂාව මෙන්ම සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් උද්‍යානය වසා දැමීමට තීරණය කර ඇත.
එම නිසා පවතින වැසි තත්ත්වය පහව යනතුරු යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසාදැමීමට තීරණය කළ බව යාල ජාතික වනෝද්‍යානය භාර මනෝජ් විද්‍යාරත්න මහතා පවසා ඇත.

නමුත් කිසිදු දැනුම්දීමකින් තොරව ගත් මෙම තීරණය හේතුවෙන් මුදල් ගෙවන ලද සංචාරකයින් දැඩි අපහසුතාවට ලක්ව ඇති බව යාල සෆාරි ජීප් රථ එකමුතුවේ සභාපති තරිඳු ජයසිංහ මහතා තම කණගාටුව ප්‍රකාශ කර ඇති බවට වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *