මාර්තු 06 වන ඊයෙ දින Al Jazeera නාලිකාවේ Head to Head රූපවාහිනී සංවාදයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී ඇත.
එම සංවාදයේදී රනිල් වික්‍රමසිංහ මහතා ජනපති ධුරයට පත් වූ විගස අරගලය මර්ධනය කළ ආකාරය, ඔහු අගමැතිව සිටි සමයේ සිදුවූ පාස්කු ප්‍රහාරය සඳහා වගවීම, පළාත් සභා මැතිවරණය නොපවත්වමින් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම, බටලන්ද වදකාගාරය මෙහෙයවීම පිළිබඳ ඔහුට එරෙහිව ඇති චෝදනා ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් Al Jazeera මාධ්‍යවේදියා ඝෘජුව ප්‍රශ්න කර ඇත.
සංවාදය අතරතුරදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන වාර්තාව ගැන හා බටලන්ද කොමිෂන් වාර්තාව ගැන ප්‍රශ්න කිරීම් හමුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා මාධ්‍යවේදියා අතර උණුසුම් වචන හුවමාරු සිදුවී ඇත.


