මාර්තු 08 වන අද දින ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත්, උදෑසන කාලයේදී දිවයින පුරා තැනින් තැන මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.
රත්නපුර, ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද දන්වා ඇත.
දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වයේ තාවකාලික වෙනසක් එළැඹෙන 10, 11 දිනවලදී අපේක්ෂා කරන බවත්, එහිදී නැගෙනහිර සහ ඌව පළාත් ඇතුළුව දිවයින පුරා තැනින් තැන වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන බවට වාර්තා වී ඇත.


