මාර්තු 25 වන ඊයේ දින 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Punjab Kings හා Gujarat Titans කණ්ඩායම් අතර පැවති තරගයෙන් ලකුණු 11 ක ජයක් වාර්තා කිරීමට Punjab Kings කණ්ඩායම සමත් වී ඇත.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් Gujarat Titans කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Punjab Kings කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 243 ක් රැස් කර ගත් බව වාර්තා වේ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Gujarat Titans කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 232 ක් ලබා ගැනීමට හැකියාව ලැබී ඇත.


