මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ ආ 592 කට රුපියල් ලක්ෂ 60 කට අධික දඩ …….……

2024-2025 ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කර මාස තුනක් ඇතුළත මත්ද්‍රව්‍ය රැගෙන හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රීපාද වන්දනාවේ පැමිණ අත්අඩංගුවට ගත් සැකකරුවන් 592 ක් සඳහා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ 60 කට අධික දඩ මුදලක් නියම කර ඇත.

පසුගිය දෙසැම්බර් මස 24 වැනිදා සිට මාර්තු 23 වනදා දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රුපියල් 6,029,324 ක දඩ මුදලක් නියම කර ඇති බව සඳහන් වේ.

මෙම පිරිස දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි අවුරුදු 20-45 ත් අතර වයස් කාණ්ඩවල පසුවන අය බව වැඩිදුර සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *