කල් ඉකුත්වූ ලුණු නැවත විකුණූ තිදෙනෙකුට රුපියල් 65,000 ක දඩ …….……

WhatsApp Image 2025 03 26 at 13.28.23

අධිකරණය විසින් කල් ඉකුත්වීම මත සුපිරි වෙළෙඳසැල් වලින් ඉවත් කරනු ලබන ලුණු මිලදී ගෙන නැවත මනුෂ්‍ය පරිභෝජනය සඳහා අලෙවි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකුට රුපියල් 65,000 ක දඩ මුදලක් නියමකර ඇත.

සේදවත්ත ප්‍රදේශයේ පිහිටි නීරෝ ලංකා ෆීඩ් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට, සේදවත්ත පාර, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි කදිරවේල් ජයකුමාර් නැමැති අතරමැදියාට සහ කොළඹ 12, අසෝක ඉපෙක්ස් ආයතනයේ ගනේෂන් ශ්‍රී රාමක්‍රිෂ්ණන් යන අයට එරෙහිව මෙලෙස නඩු පවරා ඇති අතර අදාළ චූදිතයන් වරද පිළිගැනීමෙන් පසුව සත්ත්ව ආහාර සැපයුම්කරුට රුපියල් 50,000 ක් සහ අනෙත් චුදිතයන් දෙදෙනාට රුපියල් 7,500 බැගින් දඩ පැනවීමට ද, අදාළ නඩු භාණ්ඩ වන ලුණු කිලෝග්‍රෑම් 2,700 ක ප්‍රමාණය විනාශ කිරීමට ද අධිකරණය නියම කර ඇත.

වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ සත්ත්ව ආහාර නිෂ්පාදකයා විසින් අදාළ ලුණු තොගය මිලදී ගෙන ඇති අතර, පසුව අතරමැදියකු යොදා ගනිමින් අදාල ලුණු පිටකොටුව ප්‍රදේශයේ වෙනත් වෙළෙඳසැලකට විකුණා තිබෙන බවත්, එම වෙළෙඳසැල් හිමියා විසින් වැටලීම සිදුකරනු ලබන අවස්ථාව වන විටත් මනුෂ්‍ය පරිභෝජනය සඳහා එම ලුණු පැකට් 06ක් විකුණා තිබුණු බවත්, විකිණීම සඳහා කිලෝග්‍රෑම් 2,700 ක තොගයක් සූදානම් කර තිබුණු බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *