එමෙන්ම වසර 1,300ක් පැරණි විහාරස්ථානයක් ද ගොඩනැගිලි 200කට වැඩි ප්‍රමාණයක්ද ගින්නෙන් විනාශ වී ඇති අතර පුද්ගලයින් 27,000ක් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
දකුණු කොරියාවේ සෝල් ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය සහ තද සුළං හේතුවෙන් ලැව්ගිනි පැතිර ඇති බව එරට බලධාරීන් ප්‍රකාශ කරයි.
දකුණු කොරියාවේ ගිනිකොනදිග කලාප හයක ඇති වූ ලැව්ගිනි හේතුවෙන් අක්කර 43,330ක් ගිනිගෙන ඇති අතර පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, ලැව්ගිනි තත්ත්වය පාලනය කිරීම සඳහා ගිනිනිවන භටයින් 9,000කට ආසන්න සංඛ්‍යාවක් සහ හෙලිකොප්ටර් 130කට වැඩි ප්‍රමාණයක් යොදා ගෙන ඇති බවයි.


