අද බටලන්ද පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ පළමු දිනය වේ……………

අප්‍රේල් 10 වන අද දින පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත.

ඒ අනුව පාර්ලිමේන්තු කටයුතු සඳහා අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා වෙන්කර ඇත.

එමෙන්ම පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් පෙ.ව. 10.00 – පෙ.ව. 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇත.

අනතුරුව පෙ.ව. 11.30 සිට ‍ප.ව. 5.30 දක්වා මාර්තු 14 වැනිදා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රදවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටුවීම සහ පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *