අද දින සිට ඡන්ද‍ පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු ආරම්භ වේ………………

WhatsApp Image 2025 04 17 at 17.49.47

තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව එම කටයුතු ලබන 29 වැනිදා දක්වා සිදු කිරීමට නියමිත බවද දන්වා ඇත.

ඒ අතර මේ මස 20 වන ඉරිදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස නම් කර තිබෙන බව සඳහන් වේ.

එමෙන්ම පළාත් පාලන ආයතන 250 කට ආසන්න සංඛ්‍යාවක ඡන්ද විමසීම නියමිත පරිදි පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා තහනම් නියෝග නිකුත් කර ඇති ආයතන සම්බන්ධයෙන් ඉදිරි කටයුතු එම නඩු විභාගවලින් පසු තීරණය කරන බව වැඩිදුර සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *