ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රී ලංකාවට පැමිණෙයි ………….……

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් මහතා නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ඔහු සමඟ 15 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

ඔවුන් පිළිගැනීම සඳහා මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සහ නිලධාරීන් පිරිසක් එක්ව සිටි බව සඳහන් කර ඇත.

මෙම සංචාරය තුළ දී දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා තහවුරු කර ගැනීමට සහ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කිරීමට අවධානය යොමුව ඇත.

ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව ඔස්ට්‍රේලියානු දූත පිරිස ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *