කෙහෙළිය සහ ඔහුගේ පුතුට ඇප ………….……

WhatsApp Image 2025 06 03 at 12.53.08

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල අද (03) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයකට අනුව ඇප මත මුදා හැර ඇත.

අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය එම නියෝගය නිකුත් කළ බව වාර්තා වෙයි.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍ය ධුරයේ සිටියදී නාමිකව පුද්ගලයින් 15 දෙනෙකු තම කාර්ය මණ්ඩලයට ඇතුළත් කර ඔවුන්ට වැටුප්, දීමනා සහ අතිකාල දීමනා ලබා ගැනීම රජයට රුපියල් ලක්ෂ 80කට වැඩි පාඩුවක් සිදුකළ බවට අල්ලස් කොමිසම විසින් නඩුව ගොණු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *