මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් තවත් රටවල් 40කට වීසා ගාස්තු අය නොකිරීමට රජය තීරණය කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා පවසා ඇත.
ඒ අනුව, මීට පෙර රටවල් 07 ක් සඳහා වීසා ගාස්තු නිදහස් කිරීමට තීරණය කර තිබුණු බවත්, එයත් සමඟ රටවල් 47 කට වීසා ගාස්තු අය කිරීමකින් තොරව මෙරටට පැමිණිය හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.
මීට අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කිරීමට කටයුතු කරන බවද සඳහන් වේ.


