රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ මෘදුකාංගය නඩත්තුව සඳහා ලබාදුන් කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 156 කින් අඩුකර ගැනීමට හැකි වූ බව ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි.
වසර 13ක් තිස්සේ ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ වසරකට රුපියල් මිලියන 184 ක මුදලකට බවත්, එහෙත් විධිමත් ටෙන්ඩර් ක්‍රියාවලියක් අනුගමනය කරමින් එම කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 28 කට ලබාදුන් බවද සඳහන් වේ.
රියැදුරු හැඳුනුම්පත් කාඩ්පත් සඳහා වන ටෙන්ඩරය ද අඩු මුදලකට ලබාදීමට පියවර ගත් බවත්, මෙතෙක් එම ටෙන්ඩරයට අනුව රියැදුරු හැඳුනුම්පතක් සඳහා රුපියල් 311.00 ක් ගෙවීමට සිදුවූ බවද, එහෙත් නව ටෙන්ඩරයෙන් කාඩ්පතක් සඳහා ගෙවිය යුතු මුදල රුපියල් 263.80 ක් දක්වා අඩුකර ගැනීමට හැකි වූ බවත් තවදුරටත් සදහන් වේ.


