මානව හිමිකම් සැසිවාරය ශ්‍රී ලංකාවට වැදගත් …………………

WhatsApp Image 2025 09 08 at 13.46.53

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරය ශ්‍රී ලංකාවට වැදගත් වනු ඇති බව නීතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසා ඇත. මෙරටට එරෙහි යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන අතර, එය 2010 සිටම අලුත් වෙමින් පැවති යෝජනාවක් බව සඳහන් කර ඇත. ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ ජපානය දිනා ගතහොත් එම යෝජනාව ඉදිරියට ගෙන යා නොහැකි බවද වාර්තා වෙයි.
”ලංකාවට එරෙහිව ඒගොල්ලෝ යෝජනාවක් ගේන්න හදනවා. දැන් මේ යෝජනාව අද ඊයේ ආව එකක් නෙමෙයිනේ. මේ යෝජනාව දිගින් දිගටම එන එකක්. 2012 ඉඳලා එනවා. ඒ දෙදාස් දහයේ ඉඳන් එන එක අලුත් වෙවී එනවා. තිස්පහේ එක, තිස්නමය එක, හතළිහේ එක, හතළිස් පහේ එක, පනස් පහේ එක, ඔහොම ඔහොම ඇවිල්ලා දැන් හැට දක්වා ඇවිල්ලා තියෙනවා. මේ හැම යෝජනාවක්ම එකම විදිහට තමයි එන්නේ. දැන් ලංකාව 2015 එක යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වූවා. විදේශ අමාත්‍ය මංගල සමරවීර ඉන්නකොට. එතකොට එතනදී අපිට දුන්න නිර්දේශ තියෙනවා. ඒ නිර්දේශ ඉටු කරන්න රජය පොරොන්දු වුණා. නමුත් රජයන් වෙනස් වෙනකොට මේ තත්ත්වය ගොඩක් වෙලාවට වෙනස් වෙනවා. එතකොට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ලොකුම බලපෑමක් කරන්න පුළුවන් කණ්ඩායම තමයි එල් ටී ටී ඊ හිතවාදී ඩයස්පෝරාව. ඒගොල්ලෝ විටින් විට ලංකාව කරපු මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව යුද්ධ කාලේ චෙන්මිනි මිනීවල, අතුරුදන්වූවන්ගේ සංඛ්‍යාව, අතුරුදහන් වූවන්ගේ කොමිසම ඒකට නිට්ටාවට එකම ආණ්ඩුවකින් හරි පිළිතුරු ලැබුණේ නෑ. ඉතින් ඒගොල්ලෝ මේ ආණ්ඩුවෙන් ඒක බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ වෙනකොට ලංකාව කරපු වැඩ ගොඩක් තියෙනවා. අතුරුදන්වූවන්ගේ ආයතනය තියෙනවා. ඒකෙ වන්දි ප්‍රතිපූර්ණය කිරීමේ ආයතන ඒවායින් ලොකු වැඩ කොටසක් කරගෙන යනවා. එතකොට ඒත් ඒගොල්ලෝ සෑහීමකට පත් වන්නේ නැහැ. ඒගොල්ලන් බලන්නේ මේ යෝජනා දිගින් දිගටම ගෙනල්ලා ශ්‍රී ලංකාව කියන්නේ මානව හිමිකම් නිතැතින්ම උල්ලංඝනය කරන රටක්. ශ්‍රී ලංකාව පොලිසිය වෙන්න පුළුවන්. හමුදා ආයතන වෙන්න පුළුවන්.

ඒ දිගින් දිගටම උතුරේ ජනතාවගේ මානව හිමිකම් ගොඩක් කඩ කරනවයි කියලා තමයි කියන්නේ. ඒ හින්දා තමයි ඒගොල්ලෝ හැම වෙලාවෙම ලොකු ප්‍රශර් එකක් දෙන්නේ. ඔය යුද්ධ කාලයේ වෙච්ච යුධ අපරාධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් මානව හිමිකම් වෙනුවෙන් ලංකාව තුළ අධිකරණ පිළිබඳ ඒගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ ඔය කියන ඩයස්පෝරා කණ්ඩායම. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට බලනවා ඒ පරීක්ෂණය යුධ අපරාධ අධිකරණයක් දක්වා ගෙනියන්න. ඒක ගෙනියන්න නම් ඒගොල්ලෝ දැන් මේ වෙනකොට ශ්‍රී ලංකාවෙන් පිටත ජාත්‍යන්තරව අන්තර්ජාතික විමර්ශනයක් පවත්වලා මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව වාර්තා හදලා තියෙන්නේ.

දැන් ඒගොල්ලෝ ලොකු බලපෑමක් කරනවා ලංකාව අන්තර්ජාතික යුධ අපරාධ අධිකරණයට යන රෝම ව්‍යවස්ථාව අපිට අත්සන් කරලා පිළිගන්න කියලා. ඉතින් ඒක මේ යෝජනාව ඇතුලේ තියෙනවා. ඒක හරි බරපතලයි. ඒක කොච්චර හරි පිළිගත්තොත් අර පිළිගත්ත සාක්ෂි ටික කෙලින්ම ඉන්න යුධ අපරාධ අධිකරණයේ අභිචෝදක වෙත යවලා අපිට එරෙහිව ගෙනල්ලා සාක්ෂි ඉදිරිපත් කරලා පුළුවන් මේ අයව අත්අඩංගුවට ගන්න. එතකොට එතනදී නඩු පවරන්න පුළුවන්. ඒ වගේම දැන් ගොඩාක් රටවල විහිදිලා ඉන්න අය ඉන්නවා. ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ගේ තාත්තලා, ඒගොල්ලන්ගේ අම්මලා ඒගොල්ලන්ගේ ස්වාමිපුරුෂවරුන් ගෙනත් ගෙනිහිල්ලා තියෙනවා කඳවුරුවලට. ඒගොල්ලෝ අතුරුදහන් කියලා. දැන් ඉතින් මේ පිළිබඳව හදපු කොමිෂන් කිහිපයක් තියෙනවානේ. උගත් පාඩම් හා කොමිෂන් සභා පනත තියෙනවා. ඊළඟට 2015 මැක්ස්වෙල් පරණගම කොමිෂන් ඒ ඔක්කොගෙම කියලා තියෙනවා කොච්චර ද මේ නැතිවෙලා තියෙන කාණ්ඩය මේක නැවත නැවත බුර බුරා එනවා. එහෙනම් මේකට ස්ථිර පිලියමක් මේ පාර යොදන්න ඕනේ.

ඒකට තමයි සත්‍ය තේරීමේ කොමිසම, සත්‍ය හා ගවේෂණ කොමිසමක්, ඊළඟට වන්දි ගෙවීමේ කාර්යාලය. මේවා ඔක්කොම හොඳට ස්ථාපනය කරලා ගන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට ප්‍රශ්නයක් වෙනවා. විශේෂයෙන්ම විවිධ මිනී වළවල් හැරීම සඳහා, දැන් මේ වෙනකොට යෝජනා ඒගොල්ලෝ සම්මත කරලා රජයට කියනවා. ඉතින් මේ බලපෑම් එන්නේ ඇත්තටම, අන්තර්ජාතිකව ඉන්න, ඒ කියන්නේ එල්. ටී. ටී. ඊ. හිතවාදී, ඩයස්පෝරාවේ තියෙන්නේ ඒගොල්ලෝ මොකද කැනඩා රජය එහෙම ඒවලට උදව් කරලා ලංකාවටත් ඒ දේ කරනවා. එතකොට ලංකාව දිනා ගන්න ඕනේ. මොනවා වුණත් අපිට එතනදි කරන්න තියෙන්නේ යෝජනාවකට එනවා. ඒ යෝජනාව එන්නේ මහා බ්‍රිතාන්‍ය, කැනඩාව, කියන රටවල් අපිට එරෙහිව යෝජනාවක් ගෙනාවොත් අපි හැම වෙලාවෙම පරදින්න හේතු දෙකක් තියෙනවා. එකක් තමයි අපිට වාමාංශික කඳවුර විවිධ රටවල ඉන්න ඒ නායකයෝ උදව් කරාට අපිට දක්ෂිණාංශික උදව් මදි. නමුත් අපිට ඒකට ගන්න හොඳම සාධකය තමයි ඉන්දියාව. මොකද ඉන්දියාව දැනට ගොඩක් වෙලාවට රතු කඳවුරත් එක්ක තමයි ලෝකේ වැඩ කටයුතු කරන්නේ. ඊයේ පෙරේදාත් චීනේ එක්ක යනවා. ඇමරිකාව එච්චරයි හිත හොඳ නෑ ඒක. නමුත් වාසියකට වැඩේ තියෙන්නේ ඇමරිකාව නෑ මේ පාර. ඒගොල්ලොන්ගේ නියෝජිතයෝ අයින් කරගෙන තියෙන හින්දා. ඉන්දියාවයි, දකුණු අප්‍රකාවයි විශේෂයෙන්ම අපිට දිනාගන්න ඕනි ජපානය. ඔය රටවල් තුන දිනා ගත්තොත් මේ යෝජනා ඉදිරියට යන්නේ නෑ. දැන් සම්බාධක එකපාරට පනවන්න බෑ. එක එක රටවලට ඕන නම් සම්බාධක පනවන්න පුළුවන්. ඒකේ වෙනම ගැටළුවක්. දැනට සම්බාධක පනවලා තියෙනවා. රණවිරුවෝ පනස් පහකට වගේ. ඒවා මේ මානව හිමිකම් කවුන්සිලයේ මේ යෝජනා ඉෂ්ට කරන්නේ නැහැ කියලා කොයි හෝ වෙලාවක මහ සමුළුවට ගිහිල්ලා මහ සමුළුවෙන් ආරක්ෂක මණ්ඩලයට යන්න ඕනේ. එතන ඒවා සම්මත වුණොත් තමයි නීති සම්භාදක දාන්නේ. ඒ වුණත් අපිට නිෂේධ බලය පාවිච්චි කරලා, අපි වෙනුවෙන් වැඩ කරන රටවල් ඉන්නවා. චීනය ඉන්නවා. ඒගොල්ලන්ට පුළුවන් රුසියාව ඉන්නවා. ඒ නිසා අපි කළ යුත්තේ ක්‍රමවත් සැලැස්මක්, අවසාන මොහොතේ නොඉඳ එන අවුරුදු අවුරුදු දහයටම හොඳ මානව හිමිකම් සැලැස්මක් හදලා ඒක වෙන රටවලට පුළුවන් තරම් විස්තර කරලා ඒ තුළින් අපි යම්කිසි ආකාරයේ මානව හිමිකම් රකින වැඩපිළිවෙළක් කරන්න.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *