මන්ත්‍රීවරයෙකුගේ මාසික වැටුප් සහ දීමනා ලැයිස්තුව අගමැතිනිය හෙළි කරයි….

parlimenthu 1

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට දැනට හිමිවන වැටුප් සහ දීමනා සම්බන්ධ නිල තොරතුරු අද (19) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙම විස්තර ඉදිරිපත් කළාය.

එම දීමනා සහ වරප්‍රසාද පහත පරිදි වේ:

මූලික දීමනා සහ මාසික ගෙවීම්
මාසික දීමනාව: රුපියල් 54,285

කාර්යාල දීමනාව: රුපියල් 100,000

දුරකථන දීමනාව: රුපියල් 50,000

ප්‍රවාහන දීමනාව: රුපියල් 15,000

සංග්‍රහ දීමනාව: රුපියල් 1,000

රියදුරු දීමනාව: රුපියල් 3,500 (අමාත්‍යාංශය මඟින් රියදුරෙකු ලබා නොගන්නේ නම් පමණි)

රැස්වීම් සහ සහභාගීත්ව දීමනා

මන්ත්‍රීවරුන් සහභාගී වන රැස්වීම් අනුව දිනකට ගෙවන දීමනා මෙසේය:

පාර්ලිමේන්තු රැස්වීම් සඳහා: දිනකට රුපියල් 2,500

කාරක සභා රැස්වීම් සඳහා: දිනකට රුපියල් 2,500

රැස්වීම් නොමැති දිනවල කාරක සභා සඳහා: දිනකට රුපියල් 2,500

ඉන්ධන දීමනාව ගණනය කරන ආකාරය
මන්ත්‍රීවරුන් සඳහා ඉන්ධන දීමනාව ලබා දෙන්නේ මුදලක් ලෙස නොව, ලීටර් ප්‍රමාණයක් පදනම් කරගනිමිනි.

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ට: ඩීසල් ලීටර් 419.76 ක ප්‍රමාණයක්.

දිස්ත්‍රික් මන්ත්‍රීවරුන්ට: අදාළ දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර පදනම් කර ගනිමින් ඉන්ධන ලීටර් ප්‍රමාණය තීරණය වේ.

ගෙවීම් ක්‍රමය: සෑම මසකම 1 වන දින පවතින වෙළෙඳපොළ ඩීසල් මිල අනුව මෙම ලීටර් ප්‍රමාණය සඳහා වන මුදල ගෙවනු ලැබේ.

විශේෂ සටහන: රියදුරු දීමනාව හිමිවන්නේ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය මඟින් රියදුරෙකු ලබා නොගන්නා මන්ත්‍රීවරුන්ට පමණක් බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *