ඉන්දියානු නාවික හමුදාවේ පුහුණු නෞකාවක් වන අයිඑන්එස් තරංගිණී, හෙට (27) සිට මාර්තු 2 දක්වා ත්‍රිකුණාමලය වරායට සහ මාර්තු 6 සිට 9 දක්වා කොළඹ වරායට පැමිණීමට නියමිතය. මෙම සංචාරය අතරතුර, නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරී පුහුණුවන්නන් 03ක් සහ නාවිකයින් 25ක් සඳහා සාගර යාත්‍රා පුහුණුව ලබා දෙනු ඇත. මෙය ඉන්දියානු නාවික හමුදාවේ ‘මිතුදම් පාලම්’ ගොඩනැගීමේ උත්සාහයේ කොටසකි .


