දේශපාලන සංදර්ශන සහ විපක්ෂයේ පරිහානිය

world bank Recovered 1

Deep State එකේ බල තුලනය වෙනස්වීම නිසා නුග්‍රහයන් නැතිවීමෙන් අනාථ වූ සමාජයේ ශාසනය විනාශ කිරීමට දායක වූවා යැයි අපේ බුද්ධිමත් බෞද්ධයන් අතරේ විවේචනයට බඳුන් වූ දේශපාලනඥයන්ගේ මෙන්ම අනීතිකව මුදල් ඉපයූ ව්‍යාපාරිකයන්ගේ කළු සල්ලි මතින් යැපුන ඒ අය වෙනුවෙන් විවිධ දේශපාලන කැම්පේන් වෙනුවෙන් චීවරය ගෞරවය හා මිනිසුන් තුළ බෞද්ධාගමට තිබෙන ශ්‍රද්ධාව ෙන් පාවිච්චි කර න්න යහමින් මුදල් හා සැප සම්පත් මෙන්ම ලය භුක්ති විදිමින් විටෙක එය ත්‍රාඩ බලයක් ලෙස සමාජය ඉදිරියේ පෙන්නූ ඉතාම සුළු පිරිසකගේ අර්බුදයක් මිස සැබෑ ශාසනික අර්බුදයක් නොවන බව ඒ සඳහා සමාජයේ යම් පිළිගැනීමක් සහිත කිසිදු භික්ෂුවක් සහභාගී නොවීමෙන් ඉතා පැහැදිලි පණිවිඩයක් ලාංකීය ජන සමාජයට ලැබීම සංඝ සම්මේලනයේ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය.

කෙසේ නමුත් මෙය දේශපාලනිකව කියාවා ගත්විට හැමෝටම පැහැදිලි වන කරුණක් වන්නේ එක්තරා දේශපාලන පැලැන්තියක ආරක්ෂාවට වහින වෙලාවට හෙන ගැහීමට එළියට දමන යකඩය මෙන් හැමදාම පාවිච්චි කරනා බෞද්ධාගම සංකේතාත්මක තවදුරටත් පාවිච්චි කිරීමට කොතරම් වලංගු දැයි මුට්ටිය දමා බැලීමකි.

මුට්ටිය දමා බැලීමට මුට්ටි සොයාගැනීමත් අර්බුදයට ගොස් 10000 පිරිස, 300 ටත් අඩුවෙද්දි එම අසාර්ථකත්වය තමන්ගේ කරේ තබා ගැනීමෙන් බේරීමට තරම් දේශපාලනික සවිඥානිකත්වයක් නාමල්ට තිබෙන නිසා නාමල් ලන්ඩනයේ සිට සහ මුළුව දෙස බලා සිටියේය.

එහෙත් මේ කිසිදු දේශපාලනික තක්සේරුවක් කින් තොරව ඕනෑම තැනක පිරිසක් රැස් වී සිටිනවා නම් ඔවුන් ළඟට ගොස් අපරිනිත කතා කියමින් ලේ වලින් අත්සන් කර දීමට පොරොන්දුව වීම බලය ලබා ගැනීමේ මීළඟ දේශපාලන ව්‍යාපෘතිය ලෙස දකින විපක්ෂ නායකවරයා තමන්ට කොහෙත්ම සම්බන්ධ නැති න්‍යාය පත්‍රයකට ඔලුව දමා අසාර්ථක, සමාජයෙන් ප්‍රතික්ෂේපිත event එකක අසාර්ථක සලකුණක් ලෙස රටේ මිනිසුන්ගේ මනස් තුළ පැළපදියම් විය.

මෙම දේශපාලන කියවීම් වල දුර්වලකම සැබවින්ම ඔහු වටේ සිටින සියලු දේශපාලනඥයන් ගේ දේශපාලනික ඉවේ දරිද්‍රකම ද? නැතහොත් දන්න මිනිසුන් කියන දේට ඇහුම්කන් නොදීමේ විපක්‍ෂ නායකවරයා ගේ උද්දච්චකම ද යන්න දන්නේ ඔහු හා ඔහු වටා සිටින ඔහුගේ සහ-චර පිරිසයි.

ඉතා දියුණු දේශපාලන සංස්කෘතියක් ගැන ජනතාවට බොහෝ බලාපොරොත්තු ලබාදී ම ඊට හාත්පසින්ම වෙනස් ලෙස පරණ තැටියම වාදනය කිරීමට තරම් වර්තමාන රජයේ සමහර මැති ඇමතිවරුන් හට ධෛර්යයක් ලැබෙන්නේත් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට රජය අපොහොසත් වන්නේත් ඒ සියල්ල එසේ සිදු වෙද්දී ජනතාව අතර තවමත් හොඳ ජනප්‍රියත්වයක් පවත්වාගැනීමට වර්තමාන රජයට හැකි වී තිබෙන්නේත් ඒ සඳහා සටනක් දීමට තියා දියුණු විවේචනයක් දීමට තරම්වත් විපක්ෂය අසමත් වී තිබෙන්නේ මේ තිබෙන මෝඩ ආතල් වැඩ මිස ක් දේශපාලනිකව සාධනීය විවේචනයක් කිරීමට ඔවුන් තුළ දියුණු දැක්මක් මෙන්ම වඩාත් දියුණු දේශපාලන යාන්ත්‍රණයකට අවංක වුවමනාවක් ඔවුන් තුළ නැති නිසාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *