2026 මාර්තු 1 දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී”බලයට පක්ෂය පක්ෂයට බලය” යන තේමාව යටතේ පැවැත්වුණු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 4 වන ජාතික මහා සමුළුව ඉතා සජීවී වූ අතර මීළඟ බලයක් සඳහා සැබෑ සමාජවාදී ව්‍යාපාරයක පෙරගමන්කරුවා තමා බව රටට ඒත්තු ගන්වන ප්‍රබල අවස්ථාවක් විය .
කියුබානු ශ්‍රී ලංකා තානාපතිනිය ඇතුළු විදේශීය මාක්ස්වාදී ලෙනින්වාදී නියෝජිතයෝ සහ දේශීය සාමාජිකයෝ බොහෝ දෙනෙක් සහභාගී වූහ. මෙහිදී ශ්‍රී ලංකාවේ සමාජවාදය ශක්තිමත් කිරීම සහ ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනැගීම කෙරුණේ බලය පක්ෂයට හා පක්ෂයෙන් ජනතාවට යන තේමාව යටතේ.
කුමාර ගුණරත්නම් මහතාගේ කතාව තුළ ඉස්මතු වූයේය. ජනතා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සමාජවාදයෙන් පමණක් සිදුවන බවත්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අරගලයට සහයෝගය ලබාදෙන බව සහ ඒ වෙනුවෙන් අප සමාජවාදයට කැපවිය යුතු බවයි. මෙය “බලයට- පක්ෂය පක්ෂයට- බලය” තේමාවට ගැලපෙන ලෙස ජනතාවට බලය ලබාදීමේ අරමුණ ඉස්මතු කළේය.
සංගීතය, නර්තනය, සමාජවාදී සංකේත සහ නාමාවලීන් මගින් සමුළුව වඩාත් සජීවී වූයේ ජනතාව අතර සමාජවාදී අර්ථ ක්‍රමයක් ගැන නව පිබිදීමක් ඇති කරවමිනි.
මෙම සමුළුවෙන් ශ්‍රී ලංකාවේ සමාජවාදී අරගලය ශක්තිමත් කිරීම මෙන්න “පක්ෂයට බලය , බලයට පක්ෂය” තේමාව යටතේ ජාත්‍යන්තර සම්බන්ධතා තුළින් ජනතා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා යම් බලපෑමක් කිරීම ද දක්නට ලැබුණි.


