ශ්‍රී ලංකා මුහුදු තීරයේ මත්ස්‍ය අස්වැන්න පහළට

ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයේ මත්ස්‍ය අස්වැන්න ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය (NARA) ප්‍රකාශ කරයි. සාගර ජෛව පද්ධතියේ වෙනස්වීම් හේතුවෙන් 2014 වසරේ සිටම මෙම පහළයෑම වාර්තා වන අතර, තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් ධීවර ප්‍රජාව විකල්ප රැකියා වෙත යොමු කිරීමට සිදුවනු ඇත. පිළියමක් ලෙස මත්ස්‍ය වගා වැඩසටහන් ආරම්භ කළද එහි ප්‍රගතිය ප්‍රමාණවත් නොවන බව නාරා සභාපතිවරයා පවසයි. මේ අතර, තහනම් දැල් භාවිතය ඇතුළු නීති නිසි ලෙස ක්‍රියාත්මක නොවීම මීට ප්‍රධාන හේතුවක් බව ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *