කල් ඉකුත්වූ කෑම වික්කාට P&S එකට ලක්ෂ 2 ක දඩයක්

කොටහේනේ පිහිටි Perera and Sons Bakers Pvt Ltd සමාගමේ අලෙවිසැලකින් කල් ඉකුත් වූ බේකරි නිෂ්පාදන අලෙවි කිරීම සම්බන්ධයෙන් වරද පිළිගැනීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් සමාගමට රුපියල් 200,000ක දඩයක් නියම කර ඇත.2026 අප්‍රේල් 20 වැනි දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් කොළඹ 13, ශාන්ත බෙනඩික්ට් මාවතේ පිහිටි එම අලෙවිසැල පරීක්ෂා කිරීමේදී, 2026 අප්‍රේල් 16 වැනි දින කල් ඉකුත් වූ ස්ට්‍රෝබෙරි ක්‍රීම් බනිස් අලෙවිය සඳහා තබා තිබීම හෙළිවිය.ඊට අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සමාගම වරද පිළිගැනීමත් සමග, මහේස්ත්‍රාත්වරයා විසින් දඩ මුදල නියම කරන ලදී.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාවට අවධාරණය කරන්නේ, ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී නිෂ්පාදන දිනය සහ කල් ඉකුත් වන දිනය සෑම විටම පරීක්ෂා කරන ලෙසය. කල් ඉකුත් වූ නිෂ්පාදන අලෙවි කරන ඕනෑම ව්‍යාපාරයක් පිළිබඳව 1977 පාරිභෝගික ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ දැනුම් දිය හැකි බවද සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *