මහා මාර්ගයේ මරණීය බයික් රේස් දැඩි නීති රීති සහ යතුරුපැදි රාජසන්තක කිරීමේ මෙහෙයුමක් !

WhatsApp Image 2026 01 22 at 16.53.09 9

මහා මාර්ගයේ මරණීය බයික් රේස් දැඩි නීති රීති සහ යතුරුපැදි රාජසන්තක කිරීමේ මෙහෙයුමක් !

මෑතක සිට මෙරට ප්‍රධාන මාර්ගවල සිදුවන අනතුරුදායක යතුරුපැදි ධාවන තරග (Bike Races) මැඩපැවැත්වීම සඳහා පොලිසිය දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇත. විශේෂයෙන්ම හොරණ ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමත් සමඟ මෙම මෙහෙයුම් දැඩි කර තිබේ.රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා හෙළි කළ පරිදි , මේ වසරේ ගෙවී ගිය කෙටි කාලය තුළ පමණක් අනතුරුවලින් යතුරුපැදිකරුවන් 45ක් සහ පසුපැදිකරුවන් 7ක් මියගොස් ඇත.

හොරණ සිදුවූ අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 17 සහ 22 යන වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙකි.මියගිය තරුණයන්ගේ අවමංගල්‍ය පෙරහැරවල පවා ආරක්ෂක හිස්වැසුම් රහිත ව යතුරුපැදිවලින් ගමන් කරමින් කලහකාරී ලෙස හැසිරීම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ දැඩි විවේචනයට ලක්විය. මින් ඉදිරියට එවැනි අවස්ථාවලදී ද නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් දී ඇත.පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ මහා මාර්ගයේ ධාවනයට අවසර ඇත්තේ 450cc දක්වා එන්ජින් ධාරිතාව සහිත යතුරුපැදිවලට පමණක් බවයි.

අධි ධාරිතා යතුරුපැදි (600cc සිට 1000cc දක්වා වූ) ලියාපදිංචි නොකළ හෝ එකලස් කරන ලද යතුරුපැදි අත්අඩංගුවට ගෙන රාජසන්තක කිරීමට නියෝග කර ඇත. මෙවැනි වැරදි සඳහා රුපියල් ලක්ෂ එකහමාරේ සිට ලක්ෂ දෙක දක්වා ඉහළ දඩ මුදල් නියම කළ හැකිය.තරග සංවිධානය කරන පුද්ගලයන්ට එරෙහිව ද නීතිමය පියවර ගැනේ.ජාඇල, කොළඹ, වැල්ලවත්ත, බෝකුන්දර, පිළියන්දල සහ ගම්පහ වැනි ප්‍රදේශවල මෙම නීති විරෝධී තරග වැඩි වශයෙන් වාර්තා වේ. මේවා මැඩපැවැත්වීම සඳහාසිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් රහසිගත මෙහෙයුම්වල යොදවා ඇත. වයස අවුරුදු 18ට අඩු දරුවන්ට යතුරුපැදි ලබාදෙන දෙමාපියන්ට/භාරකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වේ.අන්තරායකාරී ලෙස රිය පදවන පුද්ගලයන් හඳුනා ගැනීමට මහජන සහය සහ තොරතුරු ලබා ගැනීමට පියවර ගෙන ඇත.

“යතුරුපැදි ඇත්තේ ගමන් පහසුව සඳහා මිස අහිංසක පදිකයන්ගේ හෝ අනෙකුත් රියදුරන්ගේ ජීවිත අනතුරේ හෙළීමට නොවේ.”
– නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *