අධ්‍යාපන ප්‍රතිසංස්කරණය නැවැත්වීම ගැන වගකිව යුතු මාධ්‍ය දෙකක් ගැන බිමල් කියයි

WhatsApp Image 2026 01 31 at 1.00.33 PM

යම්කිසි වැරැද්දක් සිදුවූ විට එය ශිෂ්ඨ සම්පන්න ක්‍රමයකට විසඳීමට ලබා නොදෙන මාධ්‍ය ආයතන දෙකක් සිටින බවත්, එක් මාධ්‍ය ආයතනයක් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට විරුද්ධව සිය ගුවන් කාලයෙන් 77%ක්ද, අනෙක් මාධ්‍ය ආයතනය 80%ක්ද වෙන් කර තිබූ බවද ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

ජාතික අධ්‍යාපන ආයතනය මඟින් මොඩියුල සම්බන්ධව යම්කිසි වැරැද්දක් සිදුවූ බව තමා පිළිගන්නා බවත්, එම වැරදි ශිෂ්ඨ සම්පන්න ලෙස විසඳා ගැනීමට ලබා නොදෙන මංමුලා වී ඇති විපක්ෂයක් සහ ඒ මත්තේ නැසෙන ඉතාම නරක ආකාරයෙන් කටයුතු කරන මාධ්‍ය ආයතන 2ක් ඇති බවත් ඔහු චෝදනා කරනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ,

“හය වසර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කිරීමේ 50%ක වගකීම NIE එකට තියෙනවනම් ඒ එයාලා හරියට කරේ නැති නිසානේ මොඩියුල් එක. අනිත් වගකීම ගන්න ඕනකම තිබෙන්නේ ඒ දේශපාලුවන් සහ ඒ මාධ්‍ය. මොකද අපි ඇති තරම් කියලා තියෙනවා ජනතාවට ජනාධිපතිතුමා වියවුල තියෙන්නේ 5%ක 10%ක දෙමව්පියන් තුළ වෙන්න පුළුවන්. ඉතිරි 90%-95% දෙමවුපියන් මේකට කැමති. එක වසරේ දරුවන් භාරගන්නකොට අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට, හය වසර දරුවන්ට ඒක නැතිවීම ගැන දෙමව්පියන්ට වේදනාවක් තියෙනවා…

දැන් NPP ආණ්ඩුවට ගහනවා නම් කමක් නෑ. ඉතාම දුෂ්ට ලෙස ඉතාම නපුරු ආකාරයට මේ මාධ්‍ය ආයතන දෙක හැසිරෙන්නේ. මම දැක්කා කළුතර සිද්ධියේදි ඒ වේදනාවෙන් ඉන්න තරුණයට පහර දෙනවා සජබ මන්ත්‍රීවරයෙක්. ඒ නිසා අපිට තේරුම් ගන්න ඕනේ මිනිස්සු මහා වේදනාවකින් ඉන්නේ. ඇත්තටම ගත්තම අර මම නැවත නැවත කියන්නේ ඒකයි. ආණ්ඩුවට සතුරු වෙන්න රටට සතුරු වෙන්න එපා. මම විශේෂයෙන්ම චැනල් වලින් ඉල්ලන්නේ….”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *