වෙනිසුවේලාවේ දේශපාලන වටාපිටාව තුළ දැවැන්ත වෙනසක් සිදුවී ඇති බවට වාර්තා වේ. උප ජනාධිපතිනිය ලෙස කටයුතු කරන ඩෙල්සි රොඩ්‍රිගෙස් සහ ඇගේ සහෝදරයා එක්ව රටේ පාලන බලය අත්පත් කරගෙන ඇති බවට දේශීය හා විදේශීය මාධ්‍ය සඳහන් කරයි.
මෙම නව බල සමීකරණයට ජනාධිපති නිකලස් මදුරෝගේ පුතාද පූර්ණ සහාය පළ කර ඇති බව වාර්තා වීමත් සමඟ දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි උණුසුමක් පවතී. ආර්ථික අර්බුදය, ජනතා විරෝධතා සහ ජාත්‍යන්තර පීඩනය මධ්‍යයේ මෙම පියවර ගත් බව විශ්ලේෂකයින්ගේ අදහසයි.
කෙසේවෙතත්, මෙම බල වෙනස රටේ අනාගතය සඳහා ස්ථාවරත්වයක්ද නැතහොත් තවත් අර්බුදයක්ද යන්න ඉදිරියේදී පැහැදිලි වනු ඇතැයි දේශපාලන නිරීක්ෂකයින් පෙන්වා දෙයි.


