සෙව්වන්දිගේ මුහුණු පරික්ෂාවට කළ ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරලා

sew

සෙව්වන්දිගේ මුහුණු පරික්ෂාවට කළ ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරලා
ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය මුහුණු පරීක්ෂාවක් සඳහා රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යොමු කිරීමට නියෝගයක් ලබා දෙන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසය අද (07) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේදි.

රැඳවුම් භාරයේ සිටින සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් නොකරන අවස්ථාවන්හිදී එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට නිතීමය බලයක් නොමැති බවත් ත්‍රස්තවාදී පනත යටතේ ඔවුන් රඳවා තබාගෙන ප්‍රශ්න කරන බැවින් තමාට එම නියෝගය ලබා දීමට නොහැකි බව පවසමින් මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

ඒ ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මේ වනවිට රැඳවුම් නියෝග මත සිටි නන්ද කුමාර් තක්ෂි නමැත්තිය සහ තවත් සැකකරුවෙක් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *