ශ්‍රී ලංකා රජය උසස් පෙළින් පසු ඉහළම Z-score ලබාගත් ශිෂ්‍යයින්ට රජයේ වියදමින් විදේශීය උපාධි අධ්‍යාපනය ලබාදීමේ නව වැඩසටහනක් 2025 අයවැයෙන් ආරම්භ කර න ලද අතර රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන වලින් යුත් මෙම වැඩසටහන මගින් ද ම ලොව ඉහළම විශ්වවිද්‍යාල 500ක ඉංග්‍රීසි මාධ්‍ය පාඨමාලා රාශියක් හැදෑරීමේ අවස්ථාව ශ්‍රී ලාංකික ශිෂ්‍යයින්ට හිමිවේ.
මේ සඳහා උසස් පෙළ ප්‍රධාන විෂයයන් වල ඉහළම Z-score ශිෂ්‍යයින් Z-score මත පූර්ව තෝරාගැනීමෙන් පසු සම්මුඛ පරීක්ෂණ මගින් තෝරා ගැනේ. මුල් අවුරුදුවල 20-50 පිරිසක් තෝරා ගන්නා අතර ඉදිරියේදී සිසුන් 200කට ආසන්න පිරිසකට මෙමඟින් අවස්ථාව ලබාදීමට රජය අපේක්ෂා කෙරේ.


