මීට පෙර රජය වි මිලදී ගැනීමේදී ලබාදුන් සහතික මිල වූ නාඩු සඳහා රුපියල් 105ක් ද සම්බ සඳහා රුපියල් 125ක් හා කීරි සම්බ සඳහා රුපියල් 132 ක සහතික වී මිල වෙනුවට රජය විසින් මෙවර නාඩු සඳහා රුපියල් 120 ක් ද සම්බ සඳහා රුපියල් 132 ක් හා කීරි සම්බ සඳහා රුපියල් 140 ක් ද ලෙස ඉතිහාසයේ වැඩිම සහතික මිලක් ලබා දී ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා විසින් ඊයේ (04)දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අතර මේ වන විටත් වී අලෙවි මණ්ඩලයේ ගබඩා විසින් වී මිලදී ගැනීම ආරම්භ කර ඇති බවත් එතුමා සඳහන් කරන ලදී.


