හදිසියේම කෝටිපතියන් වූ සංගීත කණ්ඩායමක තිදෙනෙක් අත්අඩංගුවට….

WhatsApp Image 2024 11 08 at 09.34.29

හදිසියේම කෝටිපතියන් බවට පත් වූ දෙමළ සංගීත කණ්ඩායමක තුන් දෙනෙකු යාපනයේ කෝපායී පොලීසිය විසින් ඊයේ (07) දා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය වසරේදී ගායික ගායිකාවන් තුන් දෙනෙකු එකතු වී සංගීත කණ්ඩායමක් පිහිටුවා ගෙන ඇති අතර ඔවුන්ගේ බැංකු ගිණුම් වලට රුපියල් කෝටි ගණනින්
මුදල් බැර වන බව වවුනියාව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට නිරීක්ෂණය වී තිබේ.ඇති බවයි සඳහන් වෙන්නේ.

වවුනියාව පොලීසියේ අපරාධ විමර්ශන අංශය වෙනත් පැමිණිල්ලක් මත පරීක්ෂණ සිදුකරගෙන යාමේදී මේ ගායක ගායිකාවන් තුන් දෙනාට රුපියල් කෝටි ගනනින්
මුදල් ලැබෙන බව පෙනී ගොස් තිබෙනවා.

ගායික ගායිකාවන් තුන් දෙනාගෙන් එක් අයෙකු වවුනියාවේද, දෙදෙනෙකු යාපනයේද නිසා වවුනියාව පොලීසිය මේ සම්බන්ධයෙන් කෝපායී පොලීසිය දැනුවත්කර ඇති බව සඳහන්.
පොලීසිය විසින් සිදු කළ පරීක්ෂණවලදී මේ ගායික ගායිකාවන් තුන් දෙනා ඉතාම කෙටි කාලයකදී
කෝටිපතියන් බවට පත්ව ඇති නිසා මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඔවුන්ව අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මේ තුන් දෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී ඔවුන්ගේ බැංකු ගිණුම්වලට මුදල් බැර කොට ඇත්තේ කවර හේතූන් මතද යන්න හෝ මුදල් බැර කළ පුද්ගලයින්
පිළිබදව සම්පූර්ණ විස්තරයක් ප්‍රකාශ කිරීමට ඔවුන් අපොහොසත් වී ඇති බව සඳහන්.
මේ නිසා පොලීසිය යාපනය අධිකරණයෙන් ලබා ගත් රැදවුම් නියෝගයක් මත ඔවුන් තිදෙනා රදවාගෙන ප්‍රශ්න කරගෙන යනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *