මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත යන ශ්‍රී ලාංකිකයින්ගේ ඉහළ යාමක්…..

cyber web

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත යැවීම පිළිබඳ තොරතුරු ලැබී ඇති බව ජාතික කාර්ය සාධක බළකායේ අනතුරු අඟවයි.

එම බළකාය පවසන්නේ මෑතක සිට වැඩි වශයෙන් ශ්‍රී ලාකිකයින් එම කඳවුරු වෙත ආකර්ෂණය කරගෙන ඇති බවයි.

විශේෂයෙන්ම වැඩි වැටුප් පෙන්වමින් ඉහළ පරිගණක දැනුම සහිත පුද්ගලයින්ව වෙනත් රටවල රැකියා සඳහා යොමුකරන බව පවසමින් එම වෘත්තීයවේදීන්ව රවටන බව පැවසෙන අතර ඩුබායි හි සම්මුඛ පරීක්ෂණ පවත්වන බව පවසා පසුව රවටා මියන්මාරය වෙත රැගෙන යන බව ද වාර්තා වී ඇති බව සඳහන් ය.

එබැවින් විදෙස් ගත වන්නේ නම් නීත්‍යානුකූල ක්‍රමවේද භාවිත කරන ලෙස ජාතික කාර්ය සාධක බළකාය මහජනතාව වෙත දැනුම් දෙනු ලබයි.

එබැවින් යම් සැක කටයුතු සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් ඒ සම්බන්ධයෙන් 0112102570, 076 844 7700 යන දුරකථන අංකවලට හෝ nahttfsrilanka@gmail.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට තොරතුරු ලබාදෙන ලෙස ජාතික කාර්ය සාධක බළකාය දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *