10 වැනි පාර්ලිමේන්තුව තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීමේ කටයුතු හෙට (14) ආරම්භ වීමට නියමිත අතර එදින පස්වරු 4.15ට ඡන්ද ගණනය කිරීමේ කටයුතු සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (12) පැවති මහ මැතිවරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා මෙසේ ප්‍රකාශ කරන ලදී.
ඡන්ද ප්‍රදේශවල ප්‍රතිඵලය හා දිස්ත්‍රික් ප්‍රතිඵලය මැතිවරණ මහලේකම් කාර්යාලයෙන් නැවත පරීක්ෂා කර අනුමත කිරීමෙන් පසුව මාධ්‍ය වෙත නිකුත් කරන බවත් එම නිසා නිල නොවන ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වළකින ලෙසත් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටින අතර තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු 4.15ට ආරම්භ කිරීමට විධි විධාන යොදා ඇති හෙයින් සාමාන්‍ය ඡන්ද ගණන් කිරීම 14 වැනි දින ඒ ඒ ඡන්ද මධ්‍යස්ථානවලින් ඡන්ද පෙට්ටි ලැබුණු පසුව පස්වරු 7.15ට පමණ නිලධාරීන් සම්පූර්ණ වූ පසුව ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
ගණන් කිරීමේ කටයුතු අවසන් වූ පසුව එම ප්‍රතිඵල මාධ්‍යයට ලබා දීමට අවශ්‍ය විධිවිධාන ද යොදා අවසන් බවත්, එතෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බව සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා වැඩිදුරටත් පවසන ලදී.


