තම කුළුඳුල් දරුවා දරු ප්‍රසූතියේදී මිය යාමෙන් පසුව කම්පනයෙන් පසු වූ රන්දිය මහල් නිවාසයේ 11 වැනි මහලේ පදිංචිව සිටි 29 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (13) අවාසනාවන්ත ලෙස 11 වන මහලෙන් වැටී මියගොස් තිබෙන බව මිහිජය සෙවණ පොලිසිය පවසයි.
ඔහුගේ බිරිඳ පසුගිය 12 වන දින කුළුදුල් දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගත කර ඇති අතර, දරු ප්‍රසූතියේදී කුළුඳුල් බිළිඳා මියගොස් සිට තිබෙනවා . එම අනපේක්ෂිත මරණයත් සමග තරුණයා දැඩි ශෝකයටත් කම්පනයටත් පත්වී, අන් අය සමඟ කතා නොකර හුදකලාව පසුවී ඇති බවද වාර්තා වනවා.
මියගිය බිළිඳා ඊයේ (13) මාදම්පිටිය පොදු සුසාන භූමියේ භූමදාන කරනු ලැබීමෙන් පසුව, එම තරුණයා හුදෙකලාව මහල් නිවාසයේ රැඳී සිට තිබූ අතර ඔහු සිටින ස්තානයෙන් කිසිදු ශබ්දයක් නොනැගෙන බැවින් සිදුකල සොයා බැලීමේදී ඔහු මහල් නිවාසයෙන් පහලට වැටී ඇති බව නිවැසියන් දැනගෙන ඇතැයි පොලිසිය විසින් සිදු කළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.
මියගිය තරුණයාගේ බිරිඳ තවම රෝහල් ප්‍රතිකාර ලබමින් පසුවන අතර මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (14) සිදු කිරිමට නියමිතයි. වැඩිදුර විමර්ශන මිහිජය සෙවණ පොලිසිය මගින් සිදුකරනු ලබනවා.


