හිටපු ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය CID යට….

ඖෂධ හිගයන් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය දීම සම්බන්ධයෙන් ප්‍රකාශ ගැනීමට එම කැබිනට් මණ්ඩලය නියෝජනය කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එවක අමාත්‍යවරුන් 18 දෙනාගෙන් සිව් දෙනෙකු අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇති බව සදහන් වේ.

ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙලෙස පෙරවරුවේ හිටපු අමාත්‍යවරුන් වන වෛද්‍ය රමේෂ් පතිරණ, හරීන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග සහ රොෂාන් රණසිංහ කැදවා ඇත.

ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට රැගෙනවිත් රජයේ රෝහල්වලට බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුලු කැබිනට් මණ්ඩලයේ 18 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය 11 වැනිදා දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඊට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම අවසරද ලබා දී ඇති බව තවදුරටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *