උසස් පෙළ විභාගය හෙට….

WhatsApp Image 2024 11 24 at 10.45.44

2024 අ.පො.ස උසස් පෙළ විභාගය හෙට (25) සිට ආරම්භ කිරීමට සියළු කටයුතු සුදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

උසස් පෙළ විභාගය මධ්‍යස්ථාන 2,312 කදී සියල්ල සූදානම් කර තිබෙනවා.

විභාගය ලබන මස 20 දා දක්වා පැවැත්වෙන අතර මෙවර විභාගයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාව, 333,183ක්.

ඒ අතරට පාසල් අයදුම්කරුවන්, 253,390ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 79,795 ක් ඇතුළත්.
උසස් පෙළ විභාග මධ්‍යස්ථාන තුළ ජංගම දුරකතන භාවිතය සදහා අවසර හිමිවන්නේ විභාග ශාලාධිපතිවරුන්ට පමණක් බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ.

ඒ අනුව සහකාර ශාලාධිපතිවරුන්ට හෝ කාර්ය මණ්ඩලයට මෙවර ජංගම දුරකතන භාවිතයට අවසර හිමිවන්නේ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *