නීතිඥ සුනිල් වටගල මහතා නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ භාර ගනියි….

watagala web

නීතිඥ සුනිල් වටගල මහතා අද දින මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ භාරගත් අතර තවදුරටත් දේශපාලන මැදිහත්වීමකින් තොරව කටයුතු කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවට මේ රජයෙ යටතේ පූර්ණ අවකාශ ලැබී තිබෙන හෙයින් තමන්ගේ උපරිම ශක්තියෙන් මත්ද්‍රව්‍ය ජාවාරම හා පාතාලය මැඩ පැවැත්වීමට කටයුතු කරන මෙන් සියලුම පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින ලදී.

එසේම එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා දක්වා සිටියේ සාම නිලධාරියා ලෙස අර්ථ දක්වා ඇති අර්ථයට ගැලපෙන අයුරින් ශ්‍රී ලංකා පොලිසිය මහජනයාට සමීප ආයතනයක් බවට පත්කළ යුතු බවත් එසේම හැඳුනුම්පත් දෙපාර්තමේන්තුව හා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව යන ආයතනද මහජනයාට සමීප හා සුහදශීලීව සේවා සපයන ආයතනය විය යුතු බවත්ය.

මාධ්‍යයට අදහස් දැක්වීමෙන් පසු, නියෝජ්‍ය අමාත්‍යවරයා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කෙටි නිරීක්‍ෂණ චාරිකාවක් ද සිදු කරමින්, වර්තමානයේ පවතින ගැටළු සම්බන්ධව දෙපාර්තමේන්තු ප්‍රධානීන් සමඟ කෙටි සාකච්ඡා කීපයකට ද එක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *