නව ආයෝජන අවස්ථා ලබා දීමේදී මින් ඉදිරියට දේශපාලන බලපෑමක් නෑ….

anura web 4

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ, මින් ඉදිරියට දේශපාලන බලපෑම් මත කිසිදු නව ආයෝජන අවස්ථාවක් ලබා නොදෙන බව ය.

ඔහු මෙම අදහස් පළ කළේ, අද (දෙසැ. 5) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉහළ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ය.

ජනාධිපතිවරයා සඳහන් කළේ, ආයෝජන අවස්ථා සළසීමේදී පරිස්සමෙන් ක්‍රියාකළ යුතු බවත්, රටට වඩාත් හිතකර, පිරිසිදු ආයෝජන ගෙන්වා ගැනීම සඳහා ආයෝජන මණ්ඩලයට නිදහස සහ අවශ්‍ය බලතල ලබා දීමට රජය සැරසෙන බවත් ය.

අදට රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් පවතින බැවින් ආයෝජන සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය වී ඇති බවද, ඒ සමඟම මූල්‍ය ස්ථාවරත්වය ළඟා කර ගැනීමේ වැදගත්කමද ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

ආයෝජන මණ්ඩලයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට ඉදිරි අයවැයෙන් වැදගත් ප්‍රතිපාදන සළසන බවත්, 2025 වසරේදී නව ආයෝජන කලාප පහක් රට තුළ පිහිටුවීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

මෙම සාකච්ඡාවේදී ආයෝජන මණ්ඩලයට පැවරී ඇති වගකීම් පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලද අතර, ජාතික ආර්ථිකය සංවර්ධනය සඳහා ආයෝජන මණ්ඩලය ප්‍රමුඛභාවයෙන් කටයුතු කළ යුතු බවද ඔහු තවදුරටත් සඳහන් කළේ ය.

මෙම විශේෂ සාකච්ඡාව පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *