මෙම වසරේ ජනවාරී පළමු වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 2,243 දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.
එම කාලසීමාව තුළ වාර්තා වී ඇති රිය අනතුරු සංඛ්‍යාව 22,967 ක් වන අතර ඒ අතරින් සිදුව ඇති මාරක අනතුරු ගණන 2,141 ක් බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
බරපතල ගණයේ අනතුරු 6,500 ක් එම කාලසීමාව තුළ වාර්තා වී ඇති අතර සිදුවී ඇති සුළු අනතුරු සංඛ්‍යාව 9,127 ක් බව සඳහන් වේ.


