ආර්ථික සංවර්ධන හා කම්කරු අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවේදී රට තුළ ඉන්ධන ඉන්ධන හිඟයක් නොමැති බවත් එවැනි වාතාවරණයක් ඇති වීමට ඉඩ නොදෙන බවත් විශේෂ සදහන් කිරීමක් පාර්ලිමේන්තුවේදී සදහන් කර ඇත.
ඉන්ධන පිරවුම්හල් අසල ඇතිවී තිබෙන පෝලිම් පිළිබඳ අදහස් දක්වමින්, රටතුළ ඉන්ධන හිඟයක් තිබෙන බව පෙන්වීම සඳහා ඇතැම් සංවිධානාත්මක කණ්ඩායමක් කෘත්‍රිම ඉන්ධන හිඟයක් නිර්මාණය කිරීමට උත්සාහ කරන බවද ප්‍රකාශ කර ඇත.
තවද, බෙදුම්කරුවන් ඉන්ධන ඇනවුම් සිදු කරන්නේ තනි තනිව බවත්, කිසිඳු අවස්ථාවක වෘත්තීය සමිතියක් ලෙස ඉන්ධන ඇනවුම් සිදු නොකරන බවත් සාමාන්‍යයෙන් දවසකට ඇනවුම් 1200 ක් ලැබුණද මෙම දින දෙකට පමණක් ඇනවුම් 1800 ක් ලැබී ඇති බවද වාර්තා වේ.
වෙළඳපොළ තුළ හිඟයක් මවා, යම් අනවශ්‍ය තත්ත්වයක් නිර්මාණය කිරීමට කටයුතු කරනවා නම්, එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවද අමාත්‍යවරයා පවසා ඇත.


