ලක්ෂ තිහක විදෙස් දුම්වැටි තොගයක් කටුනායක දී අත්අඩංගුවට……………

නීති විරෝධීව රුපියල් ලක්ෂ 30ක් වටිනා විදෙස් දුම්වැටි තොගයක් රැගෙන ආ කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොලේදී, ගුවන් තොටුපොල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගුවන් තොටුපොල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් එම කාන්තාවන් දෙදෙනා නාරම්මල හා පොළොන්නරුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.

මෙම කාන්තාවන් දෙදෙනා ළඟ තිබී දුම්වැටි 20,000 ක් සොයාගෙන ඇති බවත් ඔවුන් එම දුම්වැටි රැගෙන ඒම සඳහා සංචාරක වීසා මගින් ඩුබායි වෙත ගොස් ඇති බවට මූලික විමර්ශනවල දී අනාවරණය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *