E8 වීසා සඳහා කැබිනට් අනුමැතිය…………

WhatsApp Image 2025 03 05 at 14.14.18

කොරියන් E8 වීසා සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බවත්, ඉතාම සාධාරණ මුදලකට හා කෙටිකාලයකින් E8 පලමු කණ්ඩායම රජයේ මැදිහත්වීමෙන් එරටට යැවීමට කටයුතු සිදුකරන බවත් විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසා ඇත.

ඒ අනුව මීට පෙර කොරියන් E8 වීසා සම්බන්ධ ගිවිසුමක් අත්සන් කළ බවට පැතිරෙන කටකතා වලට සම්බන්ධ අතරමැදි මුදල් ගනුදෙනු මින් ඉදිරියට සිදුනොවන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී පැවැත්වූ විශේෂ මහජන දිනයේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *