රුපියල් මිලියන 69කට අධික කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට…………

WhatsApp Image 2025 03 05 at 14.45.13

යාපනය වත්තිරායන් වෙරළේදී රුපියල් මිලියන 69කට අධික දළ වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී කිලෝ ග්‍රෑම් 174කට අධික මෙම කේරළ ගංජා තොගය සොයා ගෙන ඇති බව වාර්තා වේ.

වත්තිරායන් වෙරළට ආසන්න කැලෑබද ප්‍රදේශයේ තිබූ සැක කටයුතු උර හතක් පරීක්‍ෂාවට ලක් කිරීමේදී මෙම කේරළ ගංජා තොගය සොයා ගෙන ඇති අතර, එම කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මරුතන්කර්නි පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත වෙත භාරදී ඇති බව වැඩිදුරටත් සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *