සා/පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් පැතිරයන අසත්‍ය පුවතක් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයේ දැනුම්දීමක් …….……

WhatsApp Image 2025 03 24 at 14.38.28

අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ නම අවභාවිතා කරමින් ව්‍යාජ ලෙස සැකසූ නිවේදනයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරන අතර සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රය පිළිබඳව ව්‍යාජ කරුණු සහිතව සකසා ඇත.

මෙම නිවේදනය සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමට කිසිවෙක් සලස්වා ඇති බවත් එම ව්‍යාජ නිවේදනයේ දැක්වෙන කිසිදු තීන්දුවක් ගෙන නොමැති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත.

එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හෝ විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රවෘත්ති නිවේදන නිකුත් කිරීම සිදුකරනු ලබන්නේ නීත්‍යානුකූලව ලියාපදිංචි ජනමාධ්‍ය ආයතන සහ අන්තර්ජාල වෙබ් අඩවි සඳහා පමණක් බවත් ව්‍යාජ ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *