අධික වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට……………

WhatsApp Image 2025 04 12 at 17.12.41

රේගු නිලධාරීන් විසින් නීතිවිරෝධී ලෙස මෙරටට රුපියල් දෙකෝටි අසූ ලක්ෂ අසූ පන් දහසකට අධික වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ තොගයක්, රැගෙනවිත් ඒවා කටුනායක ගුවන්තොටුපොළේ හරිත මාවත ඔස්සේ පිටතට රැගෙන යාමට උත්සහ කළ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අවුරුදු 29 සහ 35 යන වයස්වල පසුවන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් වන අතර ඊයේ රාත්‍රියේදී ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කාන්තාවන් සෞදි අරාබියේ පිරිසිදු කරන්නියන් ලෙස සේවය කර මෙරටට පැමිණ තිබෙන බව ප්‍රකාශ කර ඇත.

එමෙන්ම මොවුන් කැරට් 22 ඉක්මවූ අගයක් සහිත ස්වර්ණාභරණ මෙරට රැගෙනවිත් ඇති අතර රේගු ආඥාපනත අනුව එවැනි ස්වර්ණාභරණ මෙරටට රැගෙන ඒම තහනම් වන බව සදහන් වේ.

මොවුන් සිය සේවා කාලය නිමවා පැමිණෙන අතරතුර, ව්‍යාපාරික අවශ්‍යතා මත මෙම ස්වර්ණාභරණ තොගය රැගෙනවිත් ඇති බවයි රේගු විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත්තේ.

ඔවුන් දෙදෙනා සිය සිරුරෙහි ග්‍රෑම් 932ක් බර මාළ සහ වළලු‍ පැළද මෙරටට පැමිණ තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *